ශ්‍රී පාදෙ යද්දි මේ දේවලුත් දැනගෙන යමුද?



අපි හැම කෙනෙක්ම ජිවිතයේ බොහෝ වාරයක් සමනල කන්ද  තරණය කරලා ඇති. ඇත්තෙන්ම තරණය කරනවා නෙවෙයි,” කරුණාකරල”  ඇති. බෞද්ධයන් විදිහට අපේ ඉතිහාසයේ  ලියැවිලා  තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සටහන සමනළ ගිර මත පිහිටලා තියෙන බව.
  
බුදුරජාණන් වහන්සේ කියන්නේ බෞද්ධයන් විදිහට අපිට විමුක්තිය උදා කරල දීපු අමාමෑණීන් වහන්සේ,  අපේ ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ වෙනුවට අපිට වැඳ පුදා ගන්න පිහිටවලා තියපු පූජා වස්තුව වන්දනා කරන්න අපි ගොඩක් වෙහෙස මහන්සි වෙලා තමයි යන්නේ.  හැබැයි අපි යන විට බුදුන් වහන්සේට අපේ ගෞරවය හරියිටම දක්වනවා ? ශ්රී පාද පත්මය ආරක්ෂා කරගෙන වැඩ හිඳින සුමන සමන් දේවේන්ද්රයාගේ ගෞරවය රැකෙන විදිහට අපි හැසිරෙනවද? සුමන සමන් දෙවියන් කියන්නේ බොහෝ  ලෙස පවිත්රත්වය අගයපු කෙනෙක්, සුදු ඇතෙකු පිට තමයි ගමන් කරනවා කියන්නේ.  මිනිසුන් වුනු  අපි ශ්රී පාද පද්ම වන්දනා කලාට පස්සෙ අවාරය තුළදී ශ්රී පාද අඩවිය මහවැස්සකින් දෝවනය කරලා තමයි උන් උන්වහන්සේ ශ්රී පාද පත්මය වන්දනා කරනවා කියලා කියන්නේ.
 
විදිහට පවිත්‍ර  කෙනෙක්ගෙන් අපවිත් කෙනෙක් විදිහට අපි දෙයක් ඉල්ලුවොත් අපිට ලැබෙයිද? සමන් දෙවියන්ගේ ආශිර්වාදය අපි බලා බලාපොරොත්තු වෙනවා ගමන පුරාවට ඊට පස්සෙත් . ඒත් අපිට ආශිර්වාදය ලැබෙයි ද?  අපි සිතින් ගතින්  දෙකෙන්ම පිරිසිදු වෙලා නේ ශ්රීපාද කරුණා කරන්න ඕනි. සීත  ගඟුලෙන් නාලා පවිත් වෙන අපි බුදුගුණ කියමින් සමන් දේව රැකවරණය පතමින් තමයි කරුණා කරන්න ඕනි කියල අපි අහල තියෙන්නේ. අපි ඒත් එහෙම කරනවද?  

 අද තරුණ පරපුර විතරක් නෙවෙයි පිරිමි හැම කෙනෙක්ම වගේ ශ්රී පාද පද්මයට වඳින්න කරුණා කරන්නේ මත්පැන් මත්ද්රව් පාවිච්චි කරලා.  ඉතින් අපි පතන දේ අපිට ලැබෙයිද?  ශ්රී පාද පත්මය වඳින්න සමනල කඳන්ද මුදුනට බොහෝ දුර ගෙවාගෙන අපි ගමන් කරනවානේ. එහෙම ගමන් කරන අපිට මගදී දැනෙන විඩාව මග හරවා ගන්න නිකමටවත් අපි පැරැන්නන්ගෙන් ලැබිච්ච තුන් සරණය භාවිතා කරන්නේ නෑනේ.  ශ්රී පාද කරුණා කරද්දි මේ තුන් සරණ කවි දෙකක් තුනක් හරි හොයාගෙන පිරිසත් එක්ක කිය කියා යන්න. ගමන කෙළවර වෙනවා ඔබට දැනෙන එකක්වත් නැති වෙයි.  අත්දැකීමෙන් කියන්නෙ.

 මලුවට ගිහිල්ලා බොහෝ දෙනෙක් කරන්නේ ශ්රී පතුලට සල්ලි දාලා,  සමන් දේවාලෙට  කාසියක් දාලා,  තිලකයක් තියා ගෙන සෙල්ෆියක් ගහලා එන එක.  ඒත් මග දුර ගෙවාගෙන ඇවිල්ලා මල් ටිකක් පූජා කරලා පහනක් හදුන්  කූරක් පත්තු කරලා බුදුගුණ කියල සමන් දෙවියන්ටත් පිං ටිකක් අනුමෝදන් කළොත් අපි ගියපු ගමනට නියම අර්ථයක් තියෙයි නේද?

 පිට රටවලින් පවා අපේ ශ්රී පාද පත්මය වඳින්න නැති වුනත් බලන්න හරි මිනිස්සු එනවා.  එයාලට උනත් ලොකු තේරුමක් ගෙන දෙන දෙයක් වෙයි. ඒක නිසා ශ්රී පාදය ගැන අතීත තොරතුරු හොයලා ඒව දැනගෙන ශ්‍රී පාද පත්මය වන්දනා කලොත් ,අපි හැමෝටම අගයක් වටිනාකමක් ගෙන දෙන දෙයක් වෙයි නේද?




 පහත සබැදිවලින් වැඩි විස්තර ලබා ගන්න.




 

Comments

Popular posts from this blog

“වැහි පබළු සැලී” ගීතය අහද්දි ඔබටත් මේ දෙවල් හිතුනද?

ඔබටත් ගායකයෙක් වෙන්න හීනයක් තියෙනවද ?