“වැහි පබළු සැලී” ගීතය අහද්දි ඔබටත් මේ දෙවල් හිතුනද?


මේ ගීතය ලියන්නෙ උපුල් ශාන්ත සන්නස්ගල ශූරීන්.මේ ගීතයට පාදක වෙච්ච සිද්දිය ඔහුගේම අද්දැකීමක් විදියට තමයි ඔහු සදහන් කරන්නෙ. ඔහුගේ මේ අද්දැකීම, තරුණයෙකුට ගලපලා තමයි මේ ගීතය නිර්මානය කරන්නෙ.

“වැස්ස කියන්නෙ හැම කෙනෙක්ගෙම හැගීම් අවුස්සන සුන්දර මොහොතක්. මේ වගේ සුන්දර වැසි දිනයක නගරයක පාරක් අයිනෙ ඉන්න තරුණයෙකුට දකින්න ලැබෙනවා සුන්දර තරුණියක්. ඇය දෙව් දුවක් වගේ ලස්සනයි. තරුණයට හිතෙනවා දෙව් දුවක්ද කියලත් . මේ තරුණිය ඇසිපිය ගහනවා දැකල මේ තරුණයා සැක හැරලා දැනගන්නවා මේ දෙව් දුවක් නෙවෙයි කියලා. ඇය ගැන ඇති වෙච්ච අසීමිත ආශාවත් එක්ක ම මෙම තරුණයා ඇසිපිය නොහෙලා පාරෙ අයිනක ඉදන් මේ තරුණිය දිහා බලාගෙන ඉන්නවා.

ඇයත් වැස්ස හින්දම හදිස්සියේ අඩි තියමින් තමයි ගමන් කරන්නෙ. ඇගේ හදිස්සිය නිසාමත්, වැස්සේ බලපෑම නිසාත් ඇගේ ලැම ආවරණය කරලා තියෙන සළු පිලි සුලගේ යනවා . මේ තරුනියගේ ලැම නිරාවරණය වීම බොහොම අවිහින්සක විදියට මේ තරුනයා උමතුවෙන් වගේ දැක ගන්නවා,විඳ ගන්නවා.ඒ උමතුවෙන් විදගත්තු සුන්දරත්වය මේ තරුණයා රාත්‍රියේ දී සිහිනෙන් දකිනවා. හද  පුරා දැකගත්තු ඒ මලේ සුවඳ විදින ආකාරය මේ තරුයා රාත්‍රියෙදි දකිනවා.

රාත්‍රියේ තමාගේ සයනයේ වැතිරිලා ඉන්න මේ තරුණයාට දැනෙනවා ඒ සුන්දර තරුණිය තමාගේ හිස අත ගානවා. ඒ සුන්දර අතගිලිවල සුවය සිහිනෙන්ම දැනෙනවා. තවත් දවසක් ඇයව දකින මේ තරුණයාට හිතෙනවා තමන්ගේ හිතේ තියෙන ආදරය මේ තරුණියට කියන්න. හැබැයි මේ තරුණයට බය හිතෙනවා.  තරුණිය කැමති නැතිවෙයි කියලා. ඒ මොනවා උනත් මේ තරුණයා සිහිනෙන් ඒ තරුණියගෙ සුන්දරත්වය විඳිනවා.


ගීතය කියවලා බලන්න …………..


Comments

Post a Comment

Popular posts from this blog

ඔබටත් ගායකයෙක් වෙන්න හීනයක් තියෙනවද ?

ශ්‍රී පාදෙ යද්දි මේ දේවලුත් දැනගෙන යමුද?