ට්‍රිප් එකක් යනකොට ආසාවෙන් කිවුවට, සිංදුවේ තේරුම දැනගෙනහිටියෙ නෑ නේද? කියවලම බලන්නකෝ…




ගාල්ල පැත්තෙ එක පවුලක ඉන්නවා ලස්සන තරුණියකත්.  මේ තරුණිය තමන්ගෙ රැකියාව විදියට තොරගන්නෙ පොලිස් සේවය. ඇය කාන්ත පොලිස් නිලධාරිණියක් විදියට කොලඹ පොලිස් ස්ථාන කීපයකම සේවය කරනවා. මෙහෙම කාලයක් යනකොට ඇයට එක් පොලිස් ස්ථානයකදී හමු වෙනවා දෙමල පොලිස් නිලධාරී වරයෙක්. මේ දෙන්න බොහොම ලගින් ඇසුරු කලා. කාලයක් යද්දි මේ දෙන්නගෙ මේ දැන හදුනුම්කම ආදරයක් බවට පෙරලෙනවා. මේ දෙන්නා ජාතීන් දෙකක වීම හින්දම මේ දෙන්නගෙ දෙමවුපියෝ මේ ආදරයට විරුද්ධ වෙනවා. තරුණියගෙ දෙමවුපියො මේකට තදින්ම විරුද්ධ වෙනවා. මේකාලෙ තමයි 83 ජුලි කලබල ඇතිවෙන්නෙ.

මෙතන ඉදන් තමයි ගීතය  ලියවෙන්නෙ.මෙන්න මේ ජුලි කලබල නිසා තරුණ පොලිස් නිලධරියාට ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඔහු තමගෙ රැකියාවෙන් ඉවත් වෙලා තමන්ගෙ පෙම්වතිය විවාහ කරගෙන ඇයත් එක්ක තමන්ගෙ ගමට පිටත්වෙලා යනවා.
තමන්ගේ ආදරය වෙනුවෙන් තමන්ගේ හැමදේම අහිමි කරගෙන මවුපියන් අතහැරලා මේ අලුත් මනමාලිත් රැකියාවෙන් අයින් වෙලා, තමන්ගෙ ආදරණීය ස්වාමියත් එක්ක යාපනයට යනවා.දැන් මේ ඉන්නේ දෙමල කුරුල්ලෙක් එක්ක විවාහ වෙච්ච සින්හල කිරිල්ලියක්. ඒ වුනාට දෙමල සම්ප්‍රධායට අනුව ඇය තමන්ගෙ නලලෙ එච්චර කාලෙකට නොතියපු ලස්සන තිලකයක් තියා ගන්නවා. එහෙම තියාගෙන තමයි තමන්ගේ ප්‍රේම කුරුල්ලත් එක්ක තල් අරබට පියාබලා යන්නෙ.

ඇය තමන්ගේ ප්‍රේම වන්තයා විදියට හරියට සිංහල බැරි තරුණයෙක් තෝරගත්තට, ඇයට ඇගේ ආදරේ ඔහුට පූජා කරන්න ඒක බාධාවක් උනේ නෑ. බොහොම අමාරුවෙන් සිංහල ගැටගහලා පෙම්කවි කියපු කුරුල්ලට තමයි මේ කිරිල්ලී වශී වුනේ. මේ වශී වෙච්ච කුරුල්ලත් එක්ක එයාගෙ ගමට පියාබලා යද්දි මේ රටේ අවාසනාවන්ත යුද්ධය පටන් අරන්.කලින් තිබුන සුන්දර තල් අරඹ දැන් නෑ. යුද්ධයෙන් ගිනිගත්ත  තල් අරඹක් තමයි දැන් තියෙන්නෙ. සුන්දර මනාලියට මල් කලබක් හම්බවෙනවා. හබැයි ඒ මල් කලඹ යුද්ධයෙන් ගිනියම් වෙලා.ගිනි මලින් තැනුණ මල් කලඹක් තමයි මනාලිගේ අතේ තියෙන්නෙ. ඇය ඔහුත් එක්ක ඔහුගේ නිවසට යනවා. 

පෙම්වතුන් දෙන්නෙක් විවාහා වුනාම ඔවුන්ගෙ ජීවිතේ සුන්දරම කාලේ, ඔහුත් එක්ක ඔහුගේ ගෙදර ඇය ගතකරනවා. සීතල සුලං හමන , නිසන්සල  පරිසරයක් නෙවෙයි ඒක.  බෝම්බ පුපුරන, වෙඩි හඬ ඇහෙන ගිනියම් වෙච්ච මේ පොලවෙ තමන්ගෙ මධු සමය ගතකරන ඇය, නොලැබීම් ගැන නොහිතා බොහොම සතුටින් ජීවත් වෙනවා.

 ඇය ජීවත් වෙද්දි දකිනවා ගිනිගත්ත තල් අරඹෙ  තවත් ප්‍රේමවන්තයෝ ඉන්නවා. හැබැයි තමන්ගේ ප්‍රේමවන්තිය විදියට එයාලා තෝරගෙන ඉන්නෙ ගිනි අවි. ගිනි අවි වලට ආදරේ කරන, ගිනි අවි තුරුලු කරගෙන ඉන්න කුරුලු රෑනක් විදියට තමයි ඇයට ඔවුන්ව පේන්නෙ. ඔවුනුත් කැමති නැද්ද ප්‍රේමවන්තියෙකුට ප්‍රේම කරන්න??? ඒත් ඒ යුද්ධය ඔවුන්ට ඒ අවස්තාව අහිමි කරලා. ඒ තරුණයන්ගෙ දුක ඇය හිතන්නෙ පවා සින්හලෙන්. මොකද ඇයට දෙමල බෑ. ඒ මොනව උනත් ඇය තමන්ගෙ ආදරය ජීවිතය කරගෙන ආදරෙන් රැකගන්නවා.

මේ ගීතය ලිවුවෙ රත්න ශ්‍රී විජේසිංහයන්. ගායනාකලේ විශාරද ගුනදාස කපුගේ ශූරීන් විසින්.

සිංහල සින්දුක් කියන නලලේ තිලක තියන කිරිල්ලී ……..

අහලා බලන්න ගීතය ……………. 




Comments

Popular posts from this blog

“වැහි පබළු සැලී” ගීතය අහද්දි ඔබටත් මේ දෙවල් හිතුනද?

ඔබටත් ගායකයෙක් වෙන්න හීනයක් තියෙනවද ?

ශ්‍රී පාදෙ යද්දි මේ දේවලුත් දැනගෙන යමුද?